Monday, April 20, 2015

හද පතුලේ

හද පතුලේ
හසරැල්ල කඳුළැල්ල කැළඹිල්ල මා නම් ඔබේ
දිවි කතරේ
ගඟුලැල්ල නල රැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ

මුසාවන් ගොතා
අනුන් කී කතා
නොමැකී තිබේදෝ සිතේ
අතීතේ කතා
එපා දැන් එපා
මා දැන් ඔබේ ජීවිතේ

හද පතුලේ
හසරැල්ල කඳුළැල්ල කැළඹිල්ල මා නම් ඔබේ
දිවි කතරේ
ගඟුලැල්ල නල රැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ

අපේ ආදරේ
බිඳී යා නොහේ
හිනැහෙන්න පියුමි මගේ
පැතූ සේ සදා
ඔබේ මා ඔබේ
නැළවෙන්න පියුමි මගේ

හද පතුලේ
හසරැල්ල කඳුළැල්ල කැළඹිල්ල මා නම් ඔබේ
දිවි කතරේ
ගඟුලැල්ල නල රැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ 

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ස්ටැන්ලි පීරිස්

1974 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "මා සොයා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.
(තැටි අංකය Gemtone / OME 78)

මුල් ගීය


පසු කලෙක කළ ගායනයක්

No comments: