Thursday, April 9, 2015

උපුල් නුවන් විදහා


උපුල් නුවන් විදහා
ඔබ සිනාසුනා
මම සිනාසුනා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා
හද පාරණ මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුනා
මම සිනාසුනා

ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු උවනයි
නිසල කළේ මා හද ජාලා

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුනා
මම සිනාසුනා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා
හද පාරණ මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයි

උපුල් නුවන් විදහා
ඔබ සිනාසුනා
මම සිනාසුනා
පුළුන් පොදක් කළ මා
ළඳකි වාසනා
නම මෝනාලිසා

ගායනය – මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ඔගස්ටස් විනයාගරත්නම්
තනුව හා සංගීතය - නිමල් මෙන්ඩිස්

"අහසින් පොළවට" චිත්‍රපටියෙනි.
 Anyone who has the link can play this song in your "Smart Phone"

No comments: