Thursday, April 9, 2015

අද හෙට ඔබ මා අතහැර යන බව


අද හෙට ඔබ මා
අතහැර යන බව
දැනගන්නට ලැබුණා
රහසින් මට ඇසුණා

ඔබ රවටා නැත
ඔබ හඬවා නැත
දැන දැන මා නම්
වැරදි කළේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසට තතු නොහැඟෙයි

අද හෙට ඔබ මා
අතහැර යන බව
දැනගන්නට ලැබුණා
රහසින් මට ඇසුණා

යොමුවී වෙනතක
ඔබ තනිවූ දින
තනියට සිටියේ
මා පමණකි ළඟ
දැන් ඔබ මා රිදවා
යළි වෙනතක බැඳිලා

අද හෙට ඔබ මා
අතහැර යන බව
දැනගන්නට ලැබුණා
රහසින් මට ඇසුණා

ගායනය මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
1976 දී "වික්ටරි" ේබලයෙන් නිකුත් වූ "අවසර නැත මට" තැටියට ඇතුළත් වූ ගීයකි.
තැටි අංකය  Victory/ VC-04


Song - Ada Heta Oba Ma Athahera Yana Bawa
Singer - Milton Mallawarachchi
Lyricist - Premakeerthi de Alwis
Composer - Clarence Wijewardana

No comments: