Tuesday, April 21, 2015

මංගලේ නෙත් මංගලේ

මංගලේ නෙත් මංගලේ
හංස දේනුවෙ පෙම් විලේ
පීන පීනා රැල් තුරුල්ලේ
පාවෙනූ සිතු සේ ජලේ ...//
මංගලේ නෙත් මංගලේ

සීතලේ ගැහෙනා හදේ මේ
උණුසුමේ සුව දී මවා
නිසසලේ රැඳෙනූ සිනාසී
නො පියඹා උදයේ හවා
දෑසෙ බැල්මයි නීල කැල්මයි //
මත් කරයි තවුසා පවා //

මංගලේ නෙත් මංගලේ
හංස දේනුවෙ පෙම් විලේ
පීන පීනා රැල් තුරුල්ලේ
පාවෙනූ සිතු සේ ජලේ
මංගලේ නෙත් මංගලේ

ආදරේ නමැතී පොතේ හි
මුල් පිටේ රූපේ ඔබයි
ඒ පොතේ ලියවී තිබෙන්නේ
මා හිතේ ආශා තමයි
කියනු ළංවී බලමු ළංවී //
නැකත පෑහෙනවා සුබයි//

මංගලේ නෙත් මංගලේ
හංස දේනුවෙ පෙම් විලේ
පීන පීනා රැල් තුරුල්ලේ
පාවෙනූ සිතු සේ ජලේ
මංගලේ නෙත් මංගලේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - මොහොමඩ් සාලි
මෙයග්‍රැමෆෝන් තැටියකට හඬ කැවුණු මිල්ටන්ගේ ප්‍රථම ගීයයි. එම තැටියේ අනෙක් පස ගීය වූයේ "ඔරුවක පාවෙන" නම් ගීයයි.
(පිලිප්ස් ලේබලයෙන් යුත් තැටි අංකය EXVEE JVPC1016)


මුල් ගීය (ඇතැම් තැනක වන බිවැටීම් ගැන කමා කරන්න)

පසු කලෙක කළ ගායනයක්

No comments: