Tuesday, April 21, 2015

මධු මල ලෙස මුදු

මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි

අපමණ සිතුවිලි බිහිවී තෙරපී
එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන් ගෙන මොනවා ලියන්නද
නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ
පරෙවි රැජිණියේ එදා වගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම මම ආදරෙයි

මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි

හිත ගොළුවෙනවා අත වෙව්ලනවා
හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොළයට මුහුණ යොමන විට
නෙත් දෙක පිය වෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ
පරෙවි රැජිණියේ එදා වගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි /////.

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - එම්.කේ. රොක්සාමි
මිල්ටන්ගේ පළමු EP තැටියට ඇතුළත් වූ ගීයක් මේ. (මෙහි ඇති ගීය ඒ පැරණි ගීය නොවේ.)
තැටි අංකය Philips JVPC 1051

No comments: