Tuesday, April 21, 2015

අවසර නැත මට ඔබෙ අත ගන්නට



අවසර නැත මට ඔබෙ අත ගන්නට
අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ලඳේ

බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ නෙළුම නොවේ
උල්පත වන්නට නොහැකිව ළතවෙන
මා අභියස ඔබ සයුර නොවේ

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඈත ලොව සතර දෙසේ

ඔහු රිදවන්නට ඔහු හඬවන්නට
බැරිකම මිස ඔබෙ සිහින ලොවේ
ඔබ කැඳවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඈත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ලඳේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1976 දී "වික්ටර"ේබලයෙන් නිකුත් වූ "අවසර නැත මට" තැටියට ඇතුළත් වූ ගීයකි.
තැටි අංකය Victory/ VC-04 

No comments: