මම ඔබ තනිකොට
අපෙ මතු දියුණ සොයා
සිතකින් නොව මා
නැව් නැග යන්නේ
සිත ඔබේ තුරුලේ තියා
ගතින් මෙතැන මම
සිතින් ඔබගේ ළඟ
කිසි දින වෙනස් නොවේ
ජීවිතයට නැත
ඔබෙ සෙනෙහස වැනි
මිණි කිරුළක් මේ ලොවේ
සුදු මුදු රැල්ලේ
මීදුම් තුරුල්ලේ
නැව ඇදිලා යනවා
මද පවනැල්ලේ
සිත කැළඹිල්ලේ
ඔබ ගැන සිහිවෙනවා
ප්රිය සුහදාණෙනි
මා සිරවූයේ
දුක්බර බිම් ගේකයි
ඔබ රුව නොපෙනී
කටහඬ නොඇසී
ගත සිත අවිවේකයි
වෙරළක දිළිසෙන
විදුලිය රේඛා
අතරින් එබෙනු දැනේ
අඳුර කපාගෙන
පහන් ටැඹක් ලෙස
ඔබ මට දුරට පෙනේ
මටම ලැබෙන තෙක්
සක්වල පාලන
දෙවියන් රැක දේවා
සසර සරණ තුරු
ඔබ මට නොනිමෙන
රන් පහනක් වේවා
ගායනය - ඉන්ද්රානි පෙරේරා සහ වර්නන් පෙරේරා
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය -
ක්ලැරන්ස් විජේවර්ධන
No comments:
Post a Comment