Friday, April 3, 2015

මේ ලොව යම් කිසිවෙකු

මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට  ගී රාවය

හීන් හඬින් මට කියාවි

මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

නන්නාඳුනනා ඔබ ගේ ...

නන්නාඳුනනා ඔබ ගේ
අත් අකුරින් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව

අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක ...

අඬ සඳ බැසගෙන යන සඳ
රෑහි හඬන රැව් අතරින් ...

එතකොට  ගී රාවය
යාන්තමින් මට ඇසේවී
එතකොට  ගී රාවය
යාන්තමින් මට ඇසේවී

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - මහගම සේකර
තනුව - සෝමදාස ඇල්විටිගල

No comments: