Wednesday, March 4, 2015

පිපුණු කුසුම පරවූවා

පිපුණු කුසුම පරවූවා

පිපුණු කුසුම පරවූවා
බමර කිකිණි ගොළු වුනා
මුතු කැට සුද සැඟවුනා
හසරැළි වියළී ගියා
හසරැළි වියළී ගියා

පිපුණු කුසුම පරවූවා

සිතක නැගී පෙම් රළ පෙළ
වෙරළ වැළඳ නිල් දෑසක ...//
කදුළු වලට පෙරළුනා
කදුළු වලට පෙරළුනා

කඳුළු වලට පෙරළුනා
දෑස අඳුර කැටි වුනා

පිපුණු කුසුම පරවූවා

පිපුණු කුසුම පරවූවා
බමර කිකිණි ගොළු වුනා
මුතු කැට සුද සැඟවුනා
හසරැළි වියළී ගියා
හසරැළි වියළී ගියා

පිපුණු කුසුම පරවූවා

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - සිරි ගුණසිංහ
තනුව - සෝමදාස ඇල්විටිගල

1967 දී තිරගතවූ "සත් සමුදුර" සිනමා සිත්තමට නිමවූවකි.

No comments: