Wednesday, March 4, 2015

පීනමුකෝ කළු ගඟේ


පීනමුකෝ කළු ගඟේ
කිරි බැබලෙන හඳපානේ

පීනමුකෝ කළු ගඟේ
කිරි බැබලෙන හඳපානේ

දෙගොඩ තලා යන වතුරේ
තරඟ නැගී පෙණ විසිරේ
කිරි බැබලෙන හඳපානේ

පීනමුකෝ කළු ගඟේ
කිරි බැබලෙන හඳපානේ

සුනිල් දියේ සඳ කැළුම් වැදීලා
දිය රැළි හා රඟ දෙන්නේ
සුදට සුදේ සුදු කෙකටිය ගාලක්
දිය මතුපිට ලෙලදෙන්නේ
පීනමුකෝ කළු ගඟේ
කිරි බැබලෙන හඳපානේ

ඕලු නෙළුම් මල් දෝත පුරාගෙන
සුදු ඇඳුමින් සැරසීලා
ඉවුර දිගේ සිරි බෝමළුවට නොවැ
මේ මහ පිරිස ඇදෙන්නේ
පීනමුකෝ කළු ගඟේ
කිරි බැබලෙන හඳපානේ

බුදු හිමියාණන් මෙලෝ දිනූ ඒ
පෝය දිනේ සිරි වෙසඟේ
සාධු නාද දෙති මහ සේනාවෝ
නිවන් මගට බසිනා
කිරි බැබලෙන හඳපානේ

පීනමුකෝ කළු ගඟේ
කිරි බැබලෙන හඳපානේ ...//

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග  සුභානි අමරදේව
පද රචනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව නමින් සටහන් වූවත් මෙම ගී නිර්මානය ඩී.ටී. ප්‍රනාන්දු අතින් නිමවූවකි. එයට පණ්ඩිත් අමරදේවයන් ද දෙස් දෙනු ඇත.

තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

No comments: