Monday, April 20, 2020

බිඳුණු පෙම් හද නිවාලන්නට

බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුළ නුඹ  දා
අඳුර රජයන හුදකලාවෙක
නුඹට පෙම් බැන්දා

පරාජිත වූ නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ ....//
නිමා වූ සිහිවටන පමණෙකි
දෙනෙත් දෑලේ ඉදිවුණේ
කඳුළ නුඹ පිපුණා
දැවී ගිනිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුණා

බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුළ නුඹ  දා
අඳුර රජයන හුදකලාවෙක
නුඹට පෙම් බැන්දා

ප්රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මංසලේ ...//
දිනෙක ඇය මා අමුත්තන් සේ
යළිත් හමුවේවී
කඳුළ නුඹ නාඬන්
දුරස් වන්නේ නැතේ නුඹ මා 
කඳුළ නුඹ නාඬන්

බිඳුණු පෙම් හද නිවාලන්නට
කඳුළ නුඹ  දා
අඳුර රජයන හුදකලාවෙක
නුඹට පෙම් බැන්දා

ගායනය - ගුණදාස කපුගේ
පද - වසන්ත බණ්ඩාර දිසානායක
තනුව - ගුණදාස කපුගේ

No comments: