පිරෙනවාද මුට්ටි පුරා මහ කිතුලේ මලේ කඳුළු
පිපෙනවාද තාමත් සත්කෝරලයේ සමන් කැකුළු
රන්බණ්ඩේ රන්මැණිකේ
ගම්මානෙන් නුවරට එන මහ පාලම බිඳ දමන්න //
මං ආසයි හැමදාමත් මං හිටි මගෙ ගම දකින්න //
රන්බණ්ඩේ රන්මැණිකේ
ගොඩේ ඉඳන් හැන්දෑවට වාරං කීවා මතකයි //
ගමේ මතක මට තාමත් සමන් පිච්ච මල් සුවඳයි //
රන්බණ්ඩේ රන්මැණිකේ
පිරෙනවාද මුට්ටි පුරා මහ කිතුලේ මලේ කඳුළු
පිපෙනවාද තාමත් සත්කෝරලයේ සමන් කැකුළු
රන්බණ්ඩේ රන්මැණිකේ
රන්බණ්ඩේ රන්මැණිකේ
රන්බණ්ඩේ ....
රන්මැණිකේ .....
රන්බණ්ඩේ ....
රන්මැණිකේ .....
ගායනය - ගුණදාස කපුගේ
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - ගුණදාස කපුගේ
No comments:
Post a Comment