Sunday, April 19, 2020

කවම දා වත් නොඑන ගමනක්


කවම දා වත් නොඑන ගමනක්
ගියාදෝ වැහිළිහිණියෝ
ළිහිණියෝ ... ඕ ඔඔ ඕ ඕ
ළිහිණියෝ ... ඔඔ ඕ

ළිහිණියෝ නාඹර වි‍යේ
තටු සැලූ කළු ආකහේ
කවම දා වත් නොඑන ගමනක්
ගියාදෝ වැහිළිහිණියෝ

සාදයේ මඟුල් ගීතිකා නොව
නුඹ මුවග රැඳුණේ 
දියට හැඬු දා 
පවස වෙනුවට
නුඹෙ ගෙල ද සිඳුණේ

කවම දා වත් නොඑන ගමනක්
ගියාදෝ වැහිළිහිණියෝ
ළිහිණියෝ ... ඕ ඔඔ ඕ ඕ
ළිහිණියෝ ... ඔඔ ඕ

සුළං කෝඩය කපාගෙන නුඹ
පියාඹනා වේලේ
හඹා ගිනි බිඳ 
පෙළා හිරිහැර
කළාදෝ නොදැනේ

කවම දා වත් නොඑන ගමනක්
ගියාදෝ වැහිළිහිණියෝ
ළිහිණියෝ ... ඕ ඔඔ ඕ ඕ
ළිහිණියෝ ... ඔඔ ඕ

ගායනය - ගුණදාස කපුගේ
පද - මහින්ද දිසානායක
තනුව - ගුණදාස කපුගේ
ඡායාරූපය චන්දිම දිසානාක සතුයි.

No comments: