ගියාදෝ වැහිළිහිණියෝ
ළිහිණියෝ ... ඕ ඔඔ ඕ ඕ
ළිහිණියෝ ... ඔඔ ඕ
ළිහිණියෝ නාඹර වියේ
තටු සැලූ කළු ආකහේ
කවම දා වත් නොඑන ගමනක්
ගියාදෝ වැහිළිහිණියෝ
සාදයේ මඟුල් ගීතිකා නොව
නුඹ මුවග රැඳුණේ
දියට හැඬු දා
පවස වෙනුවට
නුඹෙ ගෙල ද සිඳුණේ
කවම දා වත් නොඑන ගමනක්
ගියාදෝ වැහිළිහිණියෝ
ළිහිණියෝ ... ඕ ඔඔ ඕ ඕ
ළිහිණියෝ ... ඔඔ ඕ
සුළං කෝඩය කපාගෙන නුඹ
පියාඹනා වේලේ
හඹා ගිනි බිඳ
පෙළා හිරිහැර
කළාදෝ නොදැනේ
කවම දා වත් නොඑන ගමනක්
ගියාදෝ වැහිළිහිණියෝ
ළිහිණියෝ ... ඕ ඔඔ ඕ ඕ
ළිහිණියෝ ... ඔඔ ඕ
ගායනය - ගුණදාස කපුගේ
පද - මහින්ද දිසානායක
තනුව - ගුණදාස කපුගේ
ඡායාරූපය චන්දිම දිසානාක සතුයි.
ඡායාරූපය චන්දිම දිසානාක සතුයි.
No comments:
Post a Comment