තරු රෑන රිදී පාට පාට
පාවි දිලී ඈත මෑත
පාවි දිලී ඈත මෑත
නීල වලා යාය සිසාරා
සඳපාන මුවාවී බලාවී
සීත පවන් ගී ගයාවි
පාළු රැයේ මා තනිවෙලා
ඈත පිපී රෑ කුසුමන් සුවඳ ගලාලා
පාළු මගේ පැල සරසා මෑත ඇදීලා
සිහින රැයේ ඈ හිනැහේ ඈත රැඳීලා
දෑස ඇගේ මා කළඹයි සීත දැනීලා
තරු රෑන රිදී පාට පාට
පාවි දිලී ඈත මෑත
නීල වලා යාය සිසාරා
සඳපාන මුවාවී බලාවී
සීත පවන් ගී ගයාවි
පාළු රැයේ මා තනිවෙලා
මා තනිවූ තනි පැදුරේ අඳුර නිවාලා
දෑස මුදා නිදි දැහැනේ හැඟුම් දවාලා
මා නොපෙලා තව නොදිලෙයි කැළුම් නිවාලා
බාල සඳේ මා හැරයන් ඈත බලාලා
තරු රෑන රිදී පාට පාට
පාවි දිලී ඈත මෑත
නීල වලා යාය සිසාරා
සඳපාන මුවාවී බලාවී
සීත පවන් ගී ගයාවි
පාළු රැයේ මා තනිවෙලා
ගායනය - ගුණදාස කපුගේ
පද - කුලරත්න ආරියවංශ
තනුව - එච්. එම්. ජයවර්ධන
No comments:
Post a Comment