Saturday, May 23, 2015

දූවිල්ලේ පිපුණයි

දූවිල්ලේ පිපුණයි
දූවිලි රොන් සුවඳයි
වීදි පුරා පොකුරු ගැහෙන නම නොදන්න මල්
අපට කොහිද පූජාසන වසන්ත සල්පිල් ...//

රෑ හිරිකඩ ඇවිදින්
පැන් ඉස ඉස යනවා
දාවල ඉර ඇවිදින්
නෙතු පිය ඇහැරනවා ...//
අපි වගේ මල් තමයි
සුවඳට පෙම් බඳිනා

දූවිල්ලේ පිපුණයි
දූවිලි රොන් සුවඳයි
වීදි පුරා පොකුරු ගැහෙන නම නොදන්න මල්
අපට කොහිද පූජාසන වසන්ත සල්පිල්

රන් මිරිවැඩි දෙපසට
පෑගී හිත රිදෙනා
අත පා ඉල්ලන විට
බමරුන් ඔරවනවා ..//
අපි වගේ මල් තමයි
කවදා හරි පිපෙනා

දූවිල්ලේ පිපුණයි
දූවිලි රොන් සුවඳයි
වීදි පුරා පොකුරු ගැහෙන නම නොදන්න මල්
අපට කොහිද පූජාසන වසන්ත සල්පිල්

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව හා සංගීතය - ජයන්ත රත්නායක

No comments: