ඔබ සඳත් වසා සිටියා
මා තනිවුණු ඝණ අඳුරේ
සැඩ හිරුත් මවා තිබුණා
මා සිටියදි මරු කතරේ ...//
මම වියමන් කළ පළසේ
ඔබෙ පා යුග සිඹින වෙලේ ..//
මළපුඩුය එලා තිබුණේ
ඔබ මා යන ගමන්තලේ
ඔබ සඳත් වසා සිටියා
මා තනිවුණු ඝණ අඳුරේ
සැඩ හිරුත් මවා තිබුණා
මා සිටියදි මරු කතරේ
මම මල්කම් කළ යහනේ
ඔබ සිටියදි මධු සිහිනේ ..//
අගු පිලකි ශේෂ වූයේ
මට ඔබගේ රජ දහනේ
ඔබ සඳත් වසා සිටියා
මා තනිවුණු ඝණ අඳුරේ
සැඩ හිරුත් මවා තිබුණා
මා සිටියදි මරු කතරේ ...//
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - වසන්ත කුමාර කොබවක
තනුව හා සංගීතය - ගුණදාස කපුගේ
Anyone who has the link can play this song in your "Smart Phone"
No comments:
Post a Comment