Saturday, May 23, 2015

සමනල රෑනයි රෑ හඳපානයි



සමනල රෑනයි
රෑ හඳපානයි
හදවත කළඹා
පැනගිය පියඹා
කෝ ඒ සමනලයා ..//

නිල් වන රේඛාවේ
රෑ කෝකිල ගී රාවේ
කාලය පැන යයි
එන්න ඉගිල්ලී
තාමත් සඳ ඇවිළේ ..//
දෙසිතක පෙම්
සුවඳ නොහිම්
විඳිමු ඉතින්
සමනලයෝ

සමනල රෑනයි
රෑ හඳපානයි
හදවත කළඹා
පැනගිය පියඹා
කෝ ඒ සමනලයා

සුන්දර මල් වාරේ
මල් සුවඳයි ගං තීරේ
හිම කඳු යායේ
පෙම් රජ දහනේ
රෑටත් මල් පීදේ ..//
මියුරු සුරම්
ගී මනරම්
ගයමු ඉතින්
සමනලයෝ

සමනල රෑනයි
රෑ හඳපානයි
හදවත කළඹා
පැනගිය පියඹා
කෝ ඒ සමනලයා ...//

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: