Wednesday, April 15, 2015

රෑ වීලා ඇයි මේ උදේ

රෑ වීලා ඇයි මේ උදේ //
හද අරුණෝදේ
ඔබ ගිය මොහොතේ
රෑ වාගේ පාළුයි ප්‍රියේ

උණ පඳුරු හෙවණේ ඔබ නෑ උදේ
රතු පාට සේලයෙන් හැඩවූ ලඳේ
වැහිබර වීලා මගෙ හිත පාළුයි

රෑ වීලා ඇයි මේ උදේ //

ඔබ නේන මිදුලේ මල් වැට දිගේ
සිරියාව නෑ ප්‍රියේ වෙනදා වගේ
හෙට උදයේ හෝ ඔබ එනවාදෝ

රෑ වීලා ඇයි මේ උදේ //
හද අරුණෝදේ
ඔබ ගිය මොහොතේ
රෑ වාගේ පාළුයි ප්‍රියේ

ම් ම් ම් ම්ම්ම් ම්
හා හා හා හාහාහ හා
හේ හේ හේ හේහේහෙ හේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ස්ටැන්ලි පීරිස්

No comments: