නාමල් තලාවේ නිමවූ අතීතේ
තරු සේම නොපෙනී ගියා
කඳුළේම මතකේ ලියා ...//
කඳුළේම මතකේ ලියා
වේදිකාවේ නෑසේ වියෝගී
මද අන්ධකාරේ මනසින් හඬාවී
රැඟුවේ එදා ඈ ඔහුගේ තුරුල්ලේ
සැනසීම නැති ලෝකයේ
නාමල් තලාවේ නිමවූ අතීතේ
තරු සේම නොපෙනී ගියා
කඳුළේම මතකේ ලියා
කඳුළේම මතකේ ලියා
වේදනාවෝ දෑසේ උදාවේ
මුසපත් වුණාදෝ ඇසුරෙන් වියෝවී
පැළඳූ එදා මා මුදුවක් ඔයාගේ සුරතේ දිලේවා සදා
නාමල් තලාවේ නිමවූ අතීතේ
තරු සේම නොපෙනී ගියා
කඳුළේම මතකේ ලියා
කඳුළේම මතකේ ලියා
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - උපාලි ධනවලවිතාන
තනුව - ස්ටැන්ලි පීරිස්
No comments:
Post a Comment