Wednesday, April 15, 2015

බමර ඇසින් ඉඟිමරනා

බමර ඇසින් ඉඟිමරනා
මොණර කිකිළියන් රඟනා
යෞවනයේ මඟුල් ගෙදර සැණකෙළියයි වසන්තයේ
එන්න සැරසිලා එන්න සැරසිලා
එන්න සැරසිලා එන්න සැරසිලා

ලියතඹරා මල් පිපෙනා
රන් තරු කැන් දිදුල දෙනා
වසන්තයේ අත්තටු ලා
සමනලියන් මලට වුණා
යෞවනයේ මඟුල් ගෙදර සැණකෙළියයි වසන්තයේ
එන්න සැරසිලා එන්න සැරසිලා
එන්න සැරසිලා එන්න සැරසිලා

තහංචියේ මුර මැදුරේ
හොර රහසේ අගුලු ඇරේ
සොළොස් වියේ රැය කැළඹේ
සුවය සැදේ නිමේෂයේ
යෞවනයේ මඟුල් ගෙදර සැණකෙළියයි වසන්තයේ
එන්න සැරසිලා එන්න සැරසිලා
එන්න සැරසිලා එන්න සැරසිලා

බමර ඇසින් ඉඟිමරනා
මොණර කිකිළියන් රඟනා
යෞවනයේ මඟුල් ගෙදර සැණකෙළියයි වසන්තයේ
එන්න සැරසිලා එන්න සැරසිලා
එන්න සැරසිලා එන්න සැරසිලා

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - සරත් ද අල්විස්


Song - Bamara Esin Ingimarana
Singer - Milton Mallawarachchi
Lyricist - Lucein Bulathsinhala
Composer - Sarath de Alwis

No comments: