Wednesday, February 22, 2017

සෝක නැගේවී

තනිවූ හදේ සෝකේ ....
ප්‍රේමේ වියෝගෙනී මේ ....
පාවේ වේදනා අහෝ ....
සිහිවේවි ප්‍රේම රාජා ....
ප්‍රේම රාජා ....

සෝක නැගේවී හ‍දේ මා
ප්‍රේමේ නෑ ලොවේ සම්පතා
ප්‍රේමේ නෑ ලොවේ සම්පතා ....//

රූපෙ නිසා මේ විඳිනා දුක මා
නොදනී අයියෝ සිදුවූ මේ සෝකා  ...//
ආලේ මායා සිහිනේකී පේනා
ගෙන දෙන්නාවු හදේ වේදනා
ගෙන දෙන්නාවු හදේ වේදනා

දෝසෙ නිසා මා රජිඳා ප්‍රේමා
විඳි මේ  අයියෝ අපහාසේ සෝකා
ආලේ මාගේ දොස් වේය නොදැනා
පිදුවේ මා හදේ ප්‍රේමෙනා
පිදුවේ මා හදේ ප්‍රේමෙනා

සෝක නැගේවී හ‍දේ මා
ප්‍රේමේ නෑ ලොවේ සම්පතා
ප්‍රේමේ නෑ ලොවේ සම්පතා

ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද - ඩබ්ලිව්. විල්ෆ‍්‍රඩ් සිල්වා
සංගීතය - ටී. ආර්. පාපා
1955 දී .තිරගතවූ සුරඟනී චිත්‍රපටියේ ගීයකි.

හින්දි ගී තනුවකි.

No comments: