Saturday, February 18, 2017

ජීවිතේ මංතලේ

ජීවිතේ මංතලේ
වාලුකා මාරුතේ
ආදරේ උල්පතේ මං වැසේ

ජීවිතේ මංතලේ
වාලුකා මාරුතේ
ආදරේ උල්පතේ මං වැසේ

ආදරේ අනන්ථ මාන මිහිරේ
අනන්තයේ පැතුම් ලෙසින්ම ඈඳිලා ඒ
වසන්ත හිමයේ  දසන්තයේ මල් කැකුළු පිපෙණ කාලේ
යෞවන පෙම් මල් විමනේ
හරි මවන්න සිතුවිලි අඳුරේ
ගිනි ඇවිළේ පෙම් තිරයේ

ප්‍රාර්ථනා දසක් තුළින් සිතූ සේ
වේදනාවෙනුයි උපන්නෙ මා හදේ ප්‍රේමේ
ජීවිතේ පොතේ ආදරයේ දුක් වේදනාව ලියවේ
මෙතරම් අප හට බාධා
ඉරණමද සරදමක් වූවා
ඉරණම සරදම් පෑවා

ජීවිතේ මංතලේ
වාලුකා මාරුතේ
ආදරේ උල්පතේ මං වැසේ
ජීවිතේ ....

ගායනය - ලතා වල්පොල
පද - සිරිල් ඒ. සීලවිමල
සංගීතය - ටී.එෆ්. ලතීෆ්

1977 දී තිරගතවූ 'සුදු පරවියෝ' චිත්‍රපටියේ ගීයකි.

No comments: