Friday, March 27, 2015

නෙත් යුග රන් තරු


නෙත් යුග රන් තරු යුවළ තමයි
තොල් පෙති නාදළු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි

අඳුරින් බර වැලි කතරෙ පවා
ආලෝකය දෙමි උදය හවා
ගිමනට සීතල සෙවණ මවා
දිය දහරක් වෙමි පවස නිවා
දිය දහරක් වෙමි පවස නිවා

නෙත් යුග රන් තරු යුවළ තමයි
තොල් පෙති නාදළු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි

රළ ලෙස ජීවන දිය දහරේ
අත ගෙන එමි ඔබ යන පාරේ
සුපුරුදු ගතිගුණ නොම නෑරේ
දුක හෝ සැප විඳගමු මිහිරේ
දුක හෝ සැප විඳගමු මිහිරේ

නෙත් යුග රන් තරු යුවළ තමයි
තොල් පෙති නාදළු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි

ගායනය - ත්‍රී සිස්ටර්ස්
පද රචනය - හේම ශ්‍රී ද අල්විස්
තනුව හා සංගීතය - වික්ටර් දළුගම

No comments: