Thursday, February 21, 2019

අපි උපන්න ලෝකේ මේක

අපි උපන්න ලෝකේ මේක
අපට හැදුණාලු ඒ දේස
මේකෙ තියෙන සෑම දේක
රස විඳින්න ඕනේ
විනෝදවන්න ඕනේ

තටු සිඳිච්ච ඊයේ වගේම අනාගතේ
ගැන සිතා සිතේ මවාලා වැඩක් නොවේ
අද ලැබිච්ච ඵල නෙළාලා විනෝදයේ
සමනලුන් වගේම සිටීම වේ මේ ජීවිතේ

පැණි පිරිච්ච මාලතීලා හා සිනාවෙවී
අද ගෙවෙද්දි යාවි රොන් සිඳීලා මිලාන වී
ඒ වාගෙ සිතා බලාලා මේ ලෝකයේ
නෙත ගැටිච්ච සෑම දේ ලබාලා විනෝදවී

අපි උපන්න ලෝකේ මේක
අපට හැදුනලු ඒ දේස
මේකෙ තියෙන සෑම දේක
රස විඳින්න ඕනේ
විනෝදවන්න ඕනේ

රස විඳින්න ඕනේ
විනෝදවන්න ඕනේ

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද රචනය - රංජිත් ප්‍රේමතිලක
තනුව - සුමේධ හේවාවිතාරණ
1973 දී තිරගතවූ හත්දින්නත් තරු චිත්‍රපටියේ ගීයක්.

No comments: