Wednesday, February 20, 2019

සමරු පොතේ පිටු ගැලවී

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
ඔබ සිහිවෙනවා
සිහින මැවෙනවා
සිහින මැවෙනවා
ඔබ සිහිවෙනවා
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා

ගඟට ගොසින් දිය නාගෙන එනව පේනවා
වෙළට ගොහිං පලා නෙළන් එනව පේනවා
මලට ගොහිං මල් අරගෙන එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා
එනව පේනවා මැණිකා එනව පේනවා

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
ඔබ සිහිවෙනවා
සිහින මැවෙනවා
සිහින මැවෙනවා
ඔබ සිහිවෙනවා
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා

මා දැක්කම වැට අයිනට එනව පේනවා
මා එක්කල හිනා වෙනව වාගේ පේනවා
නුරුස්සල අමනාපෙන් යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා
යනව පේනවා මැණිකා යනව පේනවා

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
ඔබ සිහිවෙනවා
සිහින මැවෙනවා
සිහින මැවෙනවා
ඔබ සිහිවෙනවා
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා

සාරි ඔසරි ඇඳගත්තම හැඩට පේනවා
මාල වළලු දැම්මම තව රුවට පේනවා
වටපිට කොපමණ හිටියත් කාට පේනවා
හැඩට පේනවා මට නම් රුවට පේනවා
රුවට පේනවා මට නම් හැඩට පේනවා

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා
ඔබ සිහිවෙනවා
සිහින මැවෙනවා
සිහින මැවෙනවා
ඔබ සිහිවෙනවා
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා ///.

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - එම්.එස්. ප්‍රනාන්දු

No comments: