Wednesday, February 20, 2019

හරි හොඳ නෝනා

හරි හොඳ නෝනා
සිරියාවන්ත නෝනා
දකින ඕන කෙනෙක් එක්ක
හිනැහෙන නෝනා
බෙහෙත් ගේන නෝනා
බෙහෙත් පොවන නෝනා
පින්බර නෝනා අයිසෙ
මේ නර්ස් නෝනා

ඊයෙ  රෑ පිණිබෑවද
ඊයෙ  රෑ නිදිමැරුවද ....//
ඊයෙ  රෑ අඩි ගැහුවද සිගරට් වැඩියෙන් බිව්වද

කරුණාවෙන් අහනව හරි කරුණාවෙන්
කරුණාවෙන් බණිනව හරි කරුණාවෙන් ...//

හරි හොඳ නෝනා
සිරියාවන්ත නෝනා
දකින ඕන කෙනෙක් එක්ක
හිනැහෙන නෝනා
බෙහෙත් ගේන නෝනා
බෙහෙත් පොවන නෝනා
පින්බර නෝනා අයිසෙ
මේ නර්ස් නෝනා

පාටියකටවත් ගියාද
බියුටිෆුල් හමුවුණාද ....//
කැසට් එකෙ පීස් එකට
එළිවෙනකන් නැටුවද

කරුණාවෙන් අහනව හරි කරුණාවෙන්
කරුණාවෙන් බණිනව හරි කරුණාවෙන් ...//

හරි හොඳ නෝනා
සිරියාවන්ත නෝනා
දකින ඕන කෙනෙක් එක්ක
හිනැහෙන නෝනා
බෙහෙත් ගේන නෝනා
බෙහෙත් පොවන නෝනා
පින්බර නෝනා අයිසෙ
මේ නර්ස් නෝනා

ලෙඩේ ඇත්තෙ ඇඟේ නොවෙයි
මට පෙනෙන්නෙ හිතේ වගෙයි ....//
සාස්තරෙ කිවුව වගේ
කිවුවෙ නැද්ද අගෙයි අගෙයි

කරුණාවෙන් අහනව හරි කරුණාවෙන්
කරුණාවෙන් බණිනව හරි කරුණාවෙන් ...//

හරි හොඳ නෝනා
සිරියාවන්ත නෝනා
දකින ඕන කෙනෙක් එක්ක
හිනැහෙන නෝනා
බෙහෙත් ගේන නෝනා
බෙහෙත් පොවන නෝනා
පින්බර නෝනා අයිසෙ
මේ නර්ස් නෝනා

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු

No comments: