Thursday, February 21, 2019

ඇලඩින් ඇලඩින් පහන දීපං


ඇලඩින් ඇලඩින් පහන දීපං
රැකියාවක් ලැබුණ මෙන්න අහපන්
නැවක වැඩ කරන්න නොවෙයි
පිට රට යන්න නොවෙයි
රැකියාවක් ලැබුණ මෙන්න අහපන්
ඇලඩින් ඇලඩින් පහන දීපං

මහා සාගරේ ජලයෙන් විදුලිය නිපදන්න ඕන
වහාම ගොස් ඒකෙ තියෙන ලුණු රහ ඇර දෙන්න ඕන
මීට පස්සෙ රෑට තමය් සූර්යා පායන්න ඕන
ඒක හින්ද දවල් අහසෙ පුන් සඳ බැබලෙන්න ඕන //

ඇලඩින් ඇලඩින් පහන දීපං
රැකියාවක් ලැබුණ මෙන්න අහපන්
නැවක වැඩ කරන්න නොවෙයි
පිට රට යන්න නොවෙයි
රැකියාවක් ලැබුණ මෙන්න අහපන්
ඇලඩින් ඇලඩින් පහන දීපං

ආරුනූල් වෙෙරොඩි කැට කැට්ස්අයි වෙන්න ඕන
ජපන් රටෙ සේල් එකෙදි හොඳම මිලක් ගන්න ඕන
බේරෙ වැවෙන් මෝය කටෙන් මේවා හමුවෙන්න ඕන
මුතු බෙල්ලො කැලණි ගඟේ මහවැලියෙත් ඉන්න ඕන //

ඇලඩින් ඇලඩින් පහන දීපං
රැකියාවක් ලැබුණ මෙන්න අහපන්
නැවක වැඩ කරන්න නොවෙයි
පිට රට යන්න නොවෙයි
රැකියාවක් ලැබුණ මෙන්න අහපන්
ඇලඩින් ඇලඩින් පහන දීපං

තෙල් පැට්රල් නැතිව පාරෙ වාහන පදවන්න ඕන
රේල් පීලි නොදා තමයි කෝච්චි එලවන්න ඕන
සුමානෙකට එක දවසක් වරුසාවක් එන්න ඕන
ඒ වරුසාවෙන් ඇළ දොළ ගංගා පුරවන්න ඕන //

ඇලඩින් ඇලඩින් පහන දීපං
රැකියාවක් ලැබුණ මෙන්න අහපන්
නැවක වැඩ කරන්න නොවෙයි
පිට රට යන්න නොවෙයි
රැකියාවක් ලැබුණ මෙන්න අහපන්
ඇලඩින් ඇලඩින් පහන දීපං

ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව - එම්.එස්. ප්‍රනාන්දු

No comments: