ඔබ වේ සසර මඟේ
සඳ රැසේ එළිය සේ බිළිඳු සිනා සැලේ //
ජීවිතේ සිහිනයේ සුවඳ විහිදුවා
ගීතයේ මිහිසරේ මිහිර අතුරලා
සොඳුරු මේ දිවිතෙරේ //
තරුව ඔබය සදා
පුතුගේ සිඟිති නෙතේ
ඔබගේ මුහුණ පෙනේ
සඳ රැසේ එළිය සේ බිළිඳු සිනා සැලේ
ම් ම් ම්...
ම් ම් ම්...
මිරිඟුවේ තිමිරයේ හැබෑ රුව වෙලා
ඝණඳුරේ පහන සේ විමන දිදුළවා
රුදුරු මේ මං පෙතේ //
තරුව ඔබය සදා
විමනේ දිනිඳු මගේ
ඔබ වේ සසර මඟේ
සඳ රැසේ එළිය සේ බිළිඳු සිනා සැලේ
ගිනිදැල් සතර දෙසේ
රසුදැල් නඟන ලෙසේ
ඔබද හා පුතු සදා රකිමි දෙනෙත ලෙසේ ///
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ අමල් පෙරේරා
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment