ලබන්නට ඇත්නම්
ළමා විය යළි ලබා
දිවි මඟ පුරන්නට ඇත්නම් ...//
ජීවිතේ වැරදුණු තැන්
නිසා වූ කම්පාවන් ...//
යළිදු නොවිඳින්නට
ලබන දිවි මඟ ලොවට හිත ඇති
මාවතක් කර ගන්නම්
ජීවිතය අළුතින්
ලබන්නට ඇත්නම්
ළමා විය යළි ලබා
දිවි මඟ පුරන්නට ඇත්නම්
ලැබූ අමිහිරි පාඩම්
මැවූ සිත් පීඩාවන් ...//
යළිත් නොලබන්නට
ලබන පණ නල ලොවට සිහිලැති
මදනලක් කර ගන්නම්
ජීවිතය අළුතින්
ලබන්නට ඇත්නම්
ළමා විය යළි ලබා
දිවි මඟ පුරන්නට ඇත්නම්
ජීවිතය අළුතින්
ලබන්නට ඇත්නම් ...//
ලාලලා ලා ලා
හ්ම් ම්හ් ම් ම්
හ්ම් ම්හ් ම් ම්
ලාලලා ලා ලා
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment