Sunday, March 31, 2019

සුරඟන වෙස්වලා


සුරඟන වෙස්වලා
සලා උකුළු තලා
රඟන ලියන් බලා
නෙත් බිඟු මත් වෙලා ....//

තිසර පැටින් ළැමා
කියන රහස කිමා ...//

සැලෙන මෙවුල්දමා
විසිතුරැ නැත නිමා ...//

සුරඟන වෙස්වලා
සලා උකුළු තලා
රඟන ලියන් බලා
නෙත් බිඟු මත් වෙලා

ඉඳු දුනු බැමි නිලා
දෙනයන ළංවෙලා ....//

රසයට මං බලා
දන මන මත් කළා ...//

සුරඟන වෙස්වලා
සලා උකුළු තලා
රඟන ලියන් බලා
නෙත් බිඟු මත් වෙලා ...//

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන)
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1971 ජූනි මස නිකුත් කළ "Mage Viyowen" EP තැටියට ඇතුළත් වූ ගීයකි.
(EP Supertone / VTA-10

මුල් ගීය


ක්ලැරන්ස් පසු කලෙක කළ ගායනයක්

No comments: