Sunday, March 31, 2019

මලයි වැලයි එක වාගේ

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්‍රියේ නෙත මාගේ

සිනා කැළුම් (හා හහ හා හා)
මට ඈගේ (හා හහ හා ) ...//

සාගරයේ මුතු හා සමගින්
ආදරයේ දෙවොලට කැපවී

සීතල සෙවණේ (ආ....
මගෙ හද නිවුණේ (ආ....
ඔබ ගැන සිතුවිලි මතුවීලා

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්‍රියේ නෙත මාගේ

සිනා කැළුම් (හා හහ හා හා)
මට ඈගේ (හා හහ හා ) ...//

සිහින ලොවක් මැද තනි වෙන්න
මට ආසයි ඔබෙ අත ගෙන යන්න

මා සතු මිහිරේ (ආ....
සැනසුම ඔබවේ (ආ....
ඔබ මා පණ සේ රැක ගන්න

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්‍රියේ නෙත මාගේ

සිනා කැළුම් (හා හහ හා හා)
මට ඈගේ (හා හහ හා ) ...//

පළිඟු මිණි තලා කඳු මත්තේ
පුලින තැනිතලා වන පෙත්තේ

මා සැරි සරමී (ආ....
ඔබ ගැන සිතමී (ආ....
ඒ ගැන පමණයි සිත ඇත්තේ

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්‍රියේ නෙත මාගේ

සිනා කැළුම් (හා හහ හා හා)
මට ඈගේ (හා හහ හා ) ...//

මලයි වැලයි එක වාගේ
ඔබයි ප්රියේ නෙත මාගේ ....///

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන සහ ලාංකිකා පෙරේරා)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1971 වසරේ නිකුත් කළ "මාගේ වියෝවෙන්" තැටියට ඇතුළත් වූ ගීයකි.

No comments: