Sunday, March 31, 2019

මගෙ පැල්පතේ මා

මගෙ පැල්පතේ මා
අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා
ගයමී මෙසේ
කඳුළයි සිනාවයි
ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි
සිහිවේ හදේ

මගෙ ජීවිතේ ඔබ නිසා ඇත වෙන්වී
කවදත් ඔබයි ආදරේ මට ළංවී
මාගේ සිතේ සැනසුමක් ඇතිවේනම්
ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන්

මගෙ පැල්පතේ මා
අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා
ගයමී මෙසේ
කඳුළයි සිනාවයි
ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි
සිහිවේ හදේ

ඔබ කී ගොතා රස කතා අද වාගේ
සිහිවේ ළයේ සැනසුමයි දුක මාගේ
සැමදා මෙසේ සිත සිතා මම ඉන්නම්
ලැබුණොත් ප්‍රියේ වාසනා අත ගන්නම්

මගෙ පැල්පතේ මා
අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා
ගයමී මෙසේ
කඳුළයි සිනාවයි
ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි
සිහිවේ හදේ

ගායනය - ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
ගෝල්ඩන් චයිම්ස් නිකුත් කළ The Dynamic New Sound of the Golden Chimes තැටියට ඇතුළත් වූ ගීයකි. (1971 EP Sooriya / CHB 014)

No comments: