අද වේ ඉරු දින
ඔබ හමුවේවි ද
ඔබ හා බැඳි හද
අද නොතැවේවි ද
මගෙ හද විල මැද
සැලෙන ඕළු කොඳ
අද සුපිපේවි ද
මගෙ සිත තුටු වේවි ද .....//
සතියේ දින හත
ගැණ ගැණ මගෙ සිත
ඉරිදා දින මත
පැතුම් ඇඳී ඇත
සඳ පායන තුරු
කුමුදු පිපෙන තුරු
මම ඉමි නිරතුරු
එන ඉරිදා වන තුරු
අද වේ ඉරු දින
ඔබ හමුවේවි ද
ඔබ හා බැඳි හද
අද නොතැවේවි ද
මගෙ හද විල මැද
සැලෙන ඕළු කොඳ
අද සුපිපේවි ද
මගෙ සිත තුටු වේවි ද
ඔබෙ සියුමැලි වත
පණ ගන්වයි සිත
පැටලී හදවත
සැමදා පවතිනු ඇත
ඉරිදා දිනකට
ඇති මගෙ සහතුට
මැන බර කිරුමට
හැකි වේවිද කෙනෙකුට
අද වේ ඉරු දින
ඔබ හමුවේවි ද
ඔබ හා බැඳි හද
අද නොතැවේවි ද
මගෙ හද විල මැද
සැලෙන ඕළු කොඳ
අද සුපිපේවි ද
මගෙ සිත තුටු වේවි ද ....//
ගායනය - ගෝල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
1972 වසරේ නිකුත් කළ "The Dynamic New Sound of the Golden Chimes - Volume 2" EP තැටියට අඩංගු වූ ගීයකි.
(EP Sooriya / CHB 022)
No comments:
Post a Comment