ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳහැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා ...//
මතකය නම් වූ මළපොත පෙරලා
මළගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොලවාගත්
දෑතෙහි දසැඟිලි දිගහැරලනු මැන
එහි මොනවද ඇත්තේ
කිසිත් නැත
හිස් බවෙකිය ඇත්තේ
අඳුර බිඳින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳහැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා
සමුදුර ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ
හිස්වන හදවිත සපුරා ලන්නට
මියැසි විරාමය යළි පැමිණි ඇත
අරුමෙකි පැවසෙන්නේ
එපමණයි
පිළිසරණය වන්නේ
අඳුර බිඳින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳහැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා
හිරු තව දවසක් ගෙනැවිල්ලා///
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
මාතර ආච්චි චිත්‍රපටියෙන්
No comments:
Post a Comment