Sunday, March 22, 2015

අපෙ හැඟුම් වලට ඉඩදී

අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් ...//
හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ //

ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී ...//
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පානේ මඳ අඳුරේ . . .

හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ //

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම් ...//
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ ...

හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ //
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ //
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ //

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: