Sunday, March 22, 2015

කොහේද කොහේද අපේ ලොවක්


කොහේද කොහේද අපේ ලොවක්
කොහේද කොහේද අපේ රටක්
මුරකාවල් නැති
වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්

රාජ කුමාරයන් කුමාරියන් ඉන්න පළාතක්
නපුරු රාස්සයන් රාස්සියන් ඉන්න කැලෑවක්
පුංචි සුරංගනාවන් සැඟවී ඉන්න වලාවක්
අපට හිතු මතයේ රජ කරගෙන ඉන්න දිහාවක්
අපට හිතු මතයේ රජ කරගෙන ඉන්න දිහාවක්

කොහේද කොහේද අපේ ලොවක්
කොහේද කොහේද අපේ රටක්
මුරකාවල් නැති
වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්

කිඳුරු විමානයට පාර ළඟයි එන්න යාළුවේ
මූදු හතක් එහා ඔරු පදින්න එන්න යාළුවේ
මකර කටෙන් නාග බවනට යමු රන්න යාළුවේ
අපිම අපේ ලොවක් සොයාගන්න එන්න යාළුවේ
අපිම අපේ ලොවක් සොයාගන්න එන්න යාළුවේ

කොහේද කොහේද අපේ ලොවක්
කොහේද කොහේද අපේ රටක්
මුරකාවල් නැති
වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්

මුරකාවල් නැති
වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක් ....//

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සහ පිරිස
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
මඩොල්දූව චිත්‍රපටියෙන් (1976)

No comments: