සිනහ බිඳුව ඔබ
කඳුළු බිඳුව ඔබ
ප්‍රේම පරාදීසේ
විකල් මතක මැද පහන් තරුව ඔබ
බොඳවුණු සිහිනෙක අරුණෝදය ඔබ ...//
වැළපුණු වෙරළක දිය බිංදුව ඔබ
ගොළුවුණු දෙතොලක සිනහ සිලිල ඔබ
ප්‍රේම පරාදීසේ
සිනහ බිඳුව ඔබ
කඳුළු බිඳුව ඔබ
ප්‍රේම පරාදීසේ
ගිනි දන කතරක පවන් රළකි ඔබ
විළි ලන අඳුරක නැවුම් ඉරකි ඔබ ...//
නොහැඟෙන නොලැබෙන නොවිඳි සුවකි ඔබ
වියරුව ඈ මෙන් නො එන දුකකි ඔබ
ප්‍රේම පරාදීසේ
සිනහ බිඳුව ඔබ
කඳුළු බිඳුව ඔබ
ප්‍රේම පරාදීසේ
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක
No comments:
Post a Comment