Sunday, March 22, 2015

සඳකැන් වැසිලා

සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී ...//

ජිවිතම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ ...//
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල් වාසියෙකු සොයනු දැනේ

සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී

මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා ...//
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී
සඳකැන් වැසිලා අඳුරේ එතිලා///

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: