Sunday, March 22, 2015

වෘන්දා වනයේ

වෘන්දා වනයේ ගුල්ම කුටීරේ
මා සිත බැඳුණා ඔබ රූ සපුවේ
හෝපලු ගොමුවේ අද මා තනිවේ
රාධාවනි මාගේ

මදන මහීපති හී සර ජාලේ
රඳවා ඔබගේ නයන සරෝජේ ...//
පෑ සෙනෙහේ මේ යහනේ
රාධා කෝ මාගේ

වෘන්දා වනයේ ගුල්ම කුටීරේ
මා සිත බැඳුණා ඔබ රූ සපුවේ
හෝපලු ගොමුවේ අද මා තනිවේ
රාධාවනි මාගේ

මදන රණෝචිත චන්දන හෙවනේ
නූපුර නාදේ මේ වන අරණේ ...//
නෑ ඇසුණේ පෙර වාගේ
රාධා කෝ මාගේ

වෘන්දා වනයේ ගුල්ම කුටීරේ
මා සිත බැඳුණා ඔබ රූ සපුවේ
හෝපලු ගොමුවේ අද මා තනිවේ
රාධාවනි මාගේ

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ගීතනාත් කුඩලිගම
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

No comments: