Saturday, July 4, 2020

පෙම්වතුන්ට සරණේ

පෙම්වතුන්ට සරණේ
අනංගයා මම නේ  
පෙම් සටනින් පැරදී
දොස් නැගීම වැරදී ....//
පෙම්වතුන්ට සරණේ

පෙමින් වෙළී කාලිදාස මහා කවක් බිහි කළේ  
කලාකාමී කවි හිත්වල පෙම් රසයක් මතු කළේ ...//
සංගීතය පෙම් ගීතෙන් පණ ගන්නවා ඔප කළේ  
අනංගයා මමයි ලොවේ මහා හපන්කම් කළේ
පෙම්වතුන්ට සරණේ

මහානාග ළඟ ශීලා ජයපාලට මාලනී  
ආදරයෙන් එකතු වුණා අතුල සමග රෝහිණී ....//
නැපෝලියන් සීසර් වැනි අයටත් ආලය දැණී
මගේ හී සර පහර ලබා පෙම් ගීයෙන් මත් වුණි

ස්ථිර ආලය නොතකා දෙතුන් දෙනෙක් ගැන අසා  
වස බොන්නේ මිය යන්නේ චපල හිතක් ඇති නිසා ....//
කව්රුන් කොයි ලෙස කීවත් රජා මගුල් සක්වලේ  
තරුණ ලොවේ රජදහනේ මම පෙන්වමි මගෙ බලේ

පෙම්වතුන්ට සරණේ
අනංගයා මම නේ  
පෙම් සටනින් පැරදී
දොස් නැගීම වැරදී ....//
පෙම්වතුන්ට සරණේ

ගායනය -එච්.ආර්. ජෝතිපාල
පද - ගුණරත්න අබේසේකර
තනුව - මොහොමඩ් සාලි සමග ආර්. මුත්තුසාමි



Song - Pemwathunta Sarane
Singer - H.R. Jothipala
Lyricist - Gunarathna Abesekara
Composed by - R. Muttusamy & Mohommad Sali

No comments: