Saturday, July 4, 2020

සුපෙම් ලොවේ කුසුම්සරා

සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා  
ඔය අනංගයා තමයි මහා පෙම් හොරා ....//
සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා

රාජ දරුවො රාජ ඔටුනු අත් හලේ  
සාලිය කුමාර රැඳෙව්වෙ රොඩි පැලේ
රාවණ රජ සීතා කුමරි සිර කළේ  
වානර හනුමත්තා මැව්වෙ ගිනි මැලේ  
කුස නර නිරිඳා දුක්වින්දේ ඇත්හලේ  
අනංගයා නිසයි

සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා  
ඔය අනංගයා තමයි මහා පෙම් හොරා
සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා

කුලය නිලය ධනය සලකලා  
වටින තරුණ තරුණියන්ව නැති කළා .....//
වස විස බොන්නේ මිය යන්නේ එල්ලිලා  
අනංගයා නිසයි  

සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා  
ඔය අනංගයා තමයි මහා පෙම් හොරා
සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා

දෙමව්පියන් වැඩිහිටියන් නොසලකයි  
උදේ හවා රෑ යාමේ දහ දුකයි ....//
මේ මල් හී සැර විදින දුන්න හරි සැරයි  
අනංගයා වසයි  

සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා  
ඔය අනංගයා තමයි මහා පෙම් හොරා ....//
සුපෙම් ලොවේ කුසුම්සරා මල්සරා

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
තනුව - මොහොමඩ් සාලි සමග ආර්. මුත්තුසාමි



Song - Supem Lowe Kusumsara
Singer - J.A. Milton Perera
Lyricist - Karunarathna Abesekara
Composed by -  R. Muttusamy & Mohommad Sali

No comments: