Saturday, July 4, 2020

අනංගයා සරණේ


අනංගයා සරණේ
පෙම්වතුන්ගෙ මරණේ
තරුණ තරුණියන්ට නොමැත දෙවියනි රැකවරණේ
තරුණ තරුණියන්ට නොමැත දෙවියනි රැකවරණේ
අනංගයා සරණේ .....//

බිරිතනියේ කිරුළ අයිති වින්සර් ආදිපාදයා //
මල්සරාගෙ හීය වැදී රජ සැප හැරදා ගියා //
දුස්මන්තා කුමරු සමග සකුන්තලා පැටලුණේ //
මල් හීයෙන් විදපු නිසයි ඇවිදින කොට ඇය වනේ

අනංගයා සරණේ
පෙම්වතුන්ගෙ මරණේ

කවියත් ගත්කරුවත් ලොව උමතුවෙලා වැළපුණේ //
අනංග හී සැරය නිසයි සක් දෙවියන් ගොළු වුණේ //
ලෙයිල මජ්නු පෙම් කතාව හද දෙදරණ පුවතකි //
සුපෙම්සරා වාසි අතට පගා ගසන මිනිසෙකි

අනංගයා සරණේ
පෙම්වතුන්ගෙ මරණේ

සෙල්ලම් කොට දුන්නෙන් විද මුවා වෙලා සැඟවුණා //
මිල්ටන් වැනි මහ කවියන් මල්සරාට රැවටුණා //
රොමියෝ ජුලියට් වාගේ පෙම් බැඳියන් නැති කළේ //
මලවි කියන මල්සරාය මැව්වේ දුක් ගිනි මැලේ

අනංගයා සරණේ
පෙම්වතුන්ගෙ මරණේ
තරුණ තරුණියන්ට නොමැත දෙවියනි රැකවරණේ
තරුණ තරුණියන්ට නොමැත දෙවියනි රැකවරණේ
අනංගයා සරණේ

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
තනුව - මොහොමඩ් සාලි සමග ආර්. මුත්තුසාමි



Song - Anangaya Sarane
Singer - J.A. Milton Perera
Lyricist - Karunarathna Abesekara
Composed by - R. Muttusamy & Mohommad Sali

2 comments:

Unknown said...

How can I find this song?

Gee Arana ගී අරණ said...

You made a comment asking that "how can I find this song?
It means that you have visited the post where the song included.
Song lyrics are there, an audio player is there, details of the aauthors stated; I can't understand what your problem is.
pl call/chat me via messenger. Search FB For "Gee Arana Pettagama"