අයියණ්‌ඩියේ නුඹ
ඇවිදින් ගිය දවසේ
ගිනි ඇවිලුණා
කැණිමඩලට අප නිවසේ
එක පත අනා එකටම කෑ
පෙර දවසේ
මං අමතකද නුඹ රජ වු
අද දවසේ
අම්මා එක්‌ක දබරව පැන
ගිය වැත්තේ
ළැම දා ගියා බත
හිරවුණි කුස ගින්නේ
දෑසේ කඳුළු වැහිපොද
ලෙස වෑහෙන්නේ
වී පැලකට ඇයි නුඹ
විරසක වෙන්නේ
ඉරට සැපක් දෝ නියගය
දළු ලෑම
සදට සැපක් දෝ ගනඳුර
පිදීම
නුඹට සැපක් දෝ අපි
තනිකර යෑම
මහපොළවකට නඩු හබ ඇයි
ගතු කීම
අයියණ්‌ඩියේ නුඹ
ඇවිදින් ගිය දවසේ
ගිනි ඇවිලුණා
කැණිමඩලට අප නිවසේ
එක පත අනා එකටම කෑ
පෙර දවසේ
මං අමතකද නුඹ රජ වු
අද දවසේ
ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - නාගොල්ලාගම
නිමල් ආනන්ද
තනුව - ගුණදාස කපුගේ
No comments:
Post a Comment