Tuesday, December 27, 2016

දවසක් පැල නැති හේනේ

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුළේ හංගා ගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබ සෙනහස සුවඳ දිදී දැනුණා මට අම්මේ
ඔබ සෙනහස සුවඳ දිදී දැනුණා මට අම්මේ

කොළඹ අහස කළු කරගෙන
මූදු හුළඟ හඬලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ ///

ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - රන්බණ්ඩා සෙනෙවිරත්න
තනුව - සේන ජයන්ත වීරසේකර

No comments: