Monday, August 7, 2017

සරා සඳ හමුවේ

සරා සඳ හමුවේ
තරු පොකුරු හිනැහේ
මේ රාත්‍රිය වෙනදා වගේ
සුන්දරයි අම්මේ

ඒත් අද ඔබ කොහේ 
කොතැනක ගියා දැයි නොදැනේ
සෙනේබර අම්මේ

පිපී හිනැහෙන මල් සුවඳ තවරා
ඇල් පවන් රොද කවුළුවෙන් හැමුවා
ඒ සුවඳ තුළ ඔබෙ සුවඳ සඟවා
මෙහි එවන්නට ඇතැයි මට සිතුනා

විලේ දිය මත සුදු නෙළුම් පිපිලා
සඳ එළිය මැද නිසසලව දිලුණා
ඒ ‍නෙළුම තුළ ඔබෙ රුසිරු සඟවා
ඇති බවක් මට ඉබේටම දැනුණා

සරා සඳ හමුවේ
තරු පොකුරු හිනැහේ
මේ රාත්‍රිය වෙනදා වගේ
සුන්දරයි අම්මේ

ඒත් අද ඔබ කොහේ 
කොතැනක ගියා දැයි නොදැනේ

ගායනය - කුෂානි සඳරේඛා
පද - බණ්ඩාර ඇහැළියගොඩ

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: