Monday, August 7, 2017

සයුරට සීමා

සයුරට සීමා වෙරළේ නම්
ගඟුලට සීමා ඉවුරේ නම් ...//
සිතකට සීමා කොහි වේදෝ
පෙමකට සීමා දුක දේ නම්

ගඟ කොපමණ කල් දිය රැක ගත්තත්
ඒ දිය කඳ සයුරටය හුරු
සයුරෙදි ඒ දිය රළ හැපුණත් වෙරළේ
යළි දිය ගඟ වෙත යෑම බොරූ

සයුරට සීමා වෙරළේ නම්
ගඟුලට සීමා ඉවුරේ නම්
සිතකට සීමා කොහි වේදෝ
පෙමකට සීමා දුක දේ නම්

කාලය කෙතරම් කෙණිහිලි කෙරුවත්
හද බැඳි පෙම බිඳලෑම බොරූ
ඔබ කොපමණ කල් සඟවන් උන්නත්
මා ඔබගේ පෙම අයිතිකරු

සයුරට සීමා වෙරළේ නම්
ගඟුලට සීමා ඉවුරේ නම් ...//
සිතකට සීමා කොහි වේදෝ
පෙමකට සීමා දුක දේ නම්

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද - යමුනා මාලිනී පෙරේරා
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ
(Mp3 ගීය හිරු එෆ්.එම්. අනුග්‍රහයෙනි)

No comments: