Saturday, April 6, 2019

රන් මසු නැහැ කියා

රන් මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා
මට තව මතකයි ඒවා ...//

මැදුරේ දොරගුලු ලූ නියා
අඳුරේ මා තනි වු නියා ...//
මට සිහිවෙනවා මේ දැන් වාගේ
නෑ මා හැඬුවේ එදා

රන් මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා
මට තව මතකයි ඒවා

බැලුවේ ඔබ අද මා දිහා
පට පිළි දවටා ආ නිසා ...//
ඇයි පෙර වාගේ මා තනි නොකළේ
කිමදෝ හඬනු ඔයා

රන් මසු නැහැ කියා
මා දිළිඳුයි කියා
කීවා
මට තව මතකයි ඒවා ...//

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - පැට්‍රික් දෙනිපිටිය

1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත් වූ "රන්මසු" තැටියට අඩංගු වූ ගීයකි.
තැටි අංකය Shans - 1101

No comments: