Saturday, April 6, 2019

ඔබ වෙනුවෙන් මා

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

දවනු දැනේ සිසි කිරණ පවා
සිසිල නොදේ මඳ පවන පවා ...//
ඔබ මුව පියුමේ
තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ

සුවඳ දැනේ ඔබෙ උදය හවා
කඳුළු නැඟේ නෙත රැයද දිවා ...//
ඔබ මුව පියුමේ
තොල් පෙති අතරේ
ඔහුගේ නම රැඳුණාවේ‍

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිලින වුණාවේ
සුළඟේ මිලින වුණාවේ
සුළඟේ මිලින වුණාවේ
සුළඟේ මිලින වුණාවේ

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - සෝමපාල රත්නායක

1975 දී "ශාන්ස්" ලේබලයෙන් නිකුත් වූ "රන්මසු" තැටියට අඩංගු වූ ගීයකි.
තැටි අංකය Shans - 1101

No comments: