සිනාසුණා මෙමා කියා
අමනාපයෙන් වගේ දැනේ ඔයා
මා එහෙම නෑ
තරහා වෙන්නෙ නෑ
නෑ මා සිනිසෙන්නෙ නෑ
බෑ දැන් සිතාගන්න කිසිවක් සිතේ
කැළඹී ඇති නිසා
මතුවී කටකතා
හඳුනාගත් නිසා
බොළඳයි ඔබෙ කතා
සැනසෙන්න කිසිවක් කියන්නේම නෑ
තවත් කෙනෙක් දිහා බලා
සිනාසුණා මෙමා කියා
අමනාපයෙන් වගේ දැනේ ඔයා
මා එහෙම නෑ
තරහා වෙන්නෙ නෑ
නෑ මා සිනිසෙන්නෙ නෑ
මාගෙන් සමාවක්ද ඕනෑවුනේ
මා දන්නෙ නෑ
කරුණූ දන්නෙ නෑ
හිතාගන්න බෑ
අදහාගන්න බෑ
වැටහෙන්නෙ නෑ ඇයිද මා දන්නෙ නෑ
තවත් කෙනෙක් දිහා බලා
සිනාසුණා මෙමා කියා
අමනාපයෙන් වගේ දැනේ ඔයා
මා එහෙම නෑ
තරහා වෙන්නෙ නෑ
නෑ මා සිනිසෙන්නෙ නෑ
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය - සුපර් ගෝල්ඩන් චයිම්ස්
1975 දී "ෂන්ස්" ලේබලය යටතේ නිකුත් වූ "මට ඔබ ලියූ ගී" තැටියට ඇතුළත් වූ ගීයකි. තැටි අංක Shans - 1111

No comments:
Post a Comment