Sunday, April 7, 2019

ඔබේ සිනාවේ

ඔබේ සිනාවේ
සිනා ඉනාවේ
හැඟුම් රැඳී මාගේ
මත් විහඟුන් වාගේ
ලැගුම්  සොයාවී සොයාවී සොයාවී

ඔබ කාගේ කවුද කියා මා තව නෑ දන්නේ
සිත බැඳුණේ මන්ද කියා නෑ මට වැටහෙන්නේ
සිනාවේ
ඉනාවේ
ගැටී මා
දැවේ දෝ

ඔබේ සිනාවේ
සිනා ඉනාවේ
හැඟුම් රැඳී මාගේ
මත් විහඟුන් වාගේ
ලැගුම්  සොයාවී සොයාවී සොයාවී

ඔබ ළඟටයි මටත් හොරා මගෙ සිත පැන ආවේ
එනමුදු එක වදනක් හෝ නෑ තව ඔබ කීවේ
සිනාවේ
ඉනාවේ
ගැටී මා
දැවේ දෝ

ඔබේ සිනාවේ
සිනා ඉනාවේ
හැඟුම් රැඳී මාගේ
මත් විහඟුන් වාගේ
ලැගුම්  සොයාවී සොයාවී සොයාවී

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - සරත් දසනායක
1975 දී "ලෝටස්" ලේබලයෙන් නිකුත්වූ "ඔබේ සිනාවේ" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.

No comments: